මානව අයිතිවාසිකම් ගැන දැනගමු

Author:Laksaree Gunawardhana

14 Jan 2121


avatar

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අර්ථ දක්වන්නේ, “මනුෂ්‍යයෙකු වීම නිසාම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට මානව අයිතීන් හිමිවේ. මිනිසුන්ගේ හැකියාවන් වර්ධනයට හා මිනිසුන්ට ජීවත්වීමේ රුකුලක් වශයෙන් මානව අයිතිවාසිකම් පවතී. එමෙන් ම සෑම පුද්ගලයෙකුටම මේවා සමානව හිමිවේ” යනුවෙනි. මෙකී අයිතිවාසිකම් කිසිවෙකු විසින් රන් බන්දේසියක තබා අප වෙත පිළිගන්වන ලද ඒවා නොව එය ඉතිහාසය මුළුල්ලේ සිදු වූ විවිධ අරගල, ලේ වැගිරීම් සහ විවිධාකාර උත්සවයන්ගේ අවසන් ප්‍රතිඵලයක් ලෙසින් බිහිවූවකි. මානව අයිතිවාසිකම් දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 10 වැනිදාට ය. එය එදිනට නම්කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 වැනි දින මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගැනීම හේතුකොටගෙන ය. එතැන් පටන් 21 වන සියවසේ දෙවන දශකය අවසන් දෙසැම්බර් 10 වන දිනට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට හැත්තෑ එක් වසරකි.
1945 වසර යනු මානව අයිතිවාසිකම්වල සුවිශේෂී සන්ධිස්ථානයකි. ඊට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍රස්ථානය කර ගනිමින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය බිහිවීමයි. එහෙත් 1945 ට පෙර සිටම ඊට පසුබිම සැකසී ඇත.
1945 ට පසු කාල පරිච්ඡේදය සැලකිල්ලට ගත්විට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු එවන් මහා විනාශයක් නැවත සිදුනොවීමට ලෝක ප්‍රජාවම එක් කළ අවස්ථාවක් ලෙස මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය සලකනු ලබයි. අද වන විට මෙම ගිවිසුමේ වගන්ති තම රටවල ක්‍රියාත්මක කිරීමට රාජ්‍යය 191 ක් කටයුතු කරන අතර වගන්ති 30 කින් යුතු මෙම ප්‍රකාශනය තුළින් මිනිසෙකුට හිමිවිය යුතු සෑම අයිතිවාසිකමක් ම තහවුරු කොට ඇත.
මිනිසාගේ පැවැත්ම සුරක්‍ෂිත කරනු සඳහා පවතින මෙම මානව අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින ආයතන පිළිබඳව ඔබ කිසියම් අවබෝධයක් ලබා තිබිය යුතුය. එම ආයතන රාජ්‍යමය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ කලාපීය සංවිධාන ලෙස පවතී. මානව අයිතිවාසිකම් කොමිසම, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ෂගක්‍ගක්‍), අන්තර්ජාතික අධිකරණය (ෂගක්‍ගන්‍), එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ විනිශ්චය සභාව ජාත්‍යන්තර ආයතන අතරින් කිහිපයකි. කලාපීය සංවිධාන ලෙස මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපා අධිකරණය, මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු අධිකරණය සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස ්‍යමප්බ ඍසටයඑි උ්එජය සංවිධානය, ත්‍රුැාදප සංවිධානය දැක්විය හැකිය. අප ජීවත් වන ශ්‍රී ලංකාව ගත්විට ශ්‍රේෂ්ඨාධිකරණය, මානව හිමිකම් ආයතනය මානව අයිතීන් සුරක්‍ෂණය කරන ආයතන අතර වේ. මේවා 1945 න් පසු බිහිවූ ආයතන වන අතර එම අවධිය අයිතිවාසිකම්වල ස්වර්ණමය යුගය ලෙස හඳුන්වාදිය හැකිය.
මිනිසාට මිනිසෙකු ලෙස ගෞරවාන්විතව සහ සදාචාරාත්මකව ජීවත් වීම සඳහා වෙන්ව ඇති මෙම මානව අයිතිවාසිකම් පිළිබඳ මූලික අවබෝධයක් හෝ මිනිසා සතුව තිබිය ය`ුතුය. එය මිනිසාට පෞරුෂවත් අයෙකු ලෙස නැගීසිටින්නට අත දීමක් වැනිය. සියලුදෙනාගේ මානව අයිතිවාසිකම් තහවුරුවීමටත්, ඊට ගෞරවය දැක්වීමට සියලුදෙනා උනන්දු කරවීමටත් තනිව මෙන්ම සාමුහිකව කටයුතු කිරීම ලෝකවාසී සැමගේ වගකීමක් බවද සිහිතබා ගැනීම ඉතා වැදගත් ය.